විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

මෙම විපස්සනා භාවනා සම්ප්‍රදායයෙහි පැරණි යෝගීන් සඳහා විශේෂ පාඨමාලා කීපයක්ම ඇත. මෙම පාඨමාලාවලට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබීමට පැරණි යෝගියෙකු විසින් සැපිරිය යුතු අවශ්‍යතා කීපයක් තිබේ. අවශ්‍ය මූලික සුදුසුකම් පහත දැක්වේ:


1-දින හෝ 3-දින පැරණි ශිෂ්‍ය පාඨමාලා

ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවමවශයෙන් එක් දස දින පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම. විශ්ව ශක්තිය උපයෝගි කරගෙන අනිත් අයගේ රෝග සුව කරන පුද්ගලයින් සහභාගි ‍නොවිය යුතුයි. පංච ශීලය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතුයි.


සතිපට්ඨාන සුත්ත පාඨමාලාව

ගොඑන්කාතුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවම වශයෙන් 10-දින පාඨමාලා තුනක්වත් සම්පූර්ණ කර තිබිය යුතුය. (ධම්ම සේවා මෙයට ඇතුළත් නැත.) අවම වශයෙන් එක් වසරක්වත් මෙම භාවනා ක්‍රමය ප්‍රගුණ කරමින් සිටීම. ගොඑන්කාතුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ පුහුණු කළ අන්තිම පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් ප්‍රගුණ කර නොතිබීම. පාඨමාලාව සඳහා අයදුම් කළ අවස්ථාවේ සිටවත් දෙෙනික වශයෙන් භාවනා කිරීම පවත්වා ගෙන යාමට උත්සාහ කිරීම. පාඨමාලාව සඳහා අයදුම් කළ අවස්ථාවේ සිටවත් අවම ලෙසවත් පංච ශීලය ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම.


භාවනාව පිළිබඳ දැඩි උන්නදුවක් දක්වන පැරණි යෝගීන් සඳහා වන ස්වයං පාඨමාලාව

Self-courses are for serious old students who have completed at least three 10-Day courses - the most recent being within the last two years. There are no teachers present, no student managers, no noon interviews, and no question/answer sessions at the end of the day. The evening audio discourses are required, and the students attending are responsible for playing the tape at 7pm.

සාමාන්‍ය 10-දින පාඨමාලාවක කාලසටහනම අනුගමනය කිරීම සිසුන්ගෙන් බලාපොරොත්තු වනු ලැබේ. මධ්‍යස්ථානය තුළ රැඳී සිටින කාලය තුළ දී සියලුම නීති රීති ( උතුම් නිශ්ශබ්දතාවය, අට සිල්, ආදිය) පිළිපැදිය යුතු වේ. ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ පුහුණු කළ අන්තිම පාඨමාලාවෙන් පසුව වෙනත් කිසිම භාවනා ක්‍රමයක් අනුගමනය කර නොතිබීම. අන්තිම 10-දින පාඨමාලාවේ සිට දෙෙනික පැය දෙකක භාවනාව පවත්වා ගෙන යාමට උත්සාහවත් වීම. තමන්ට හැකි උපරිමයෙන් පංච ශීලය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම. මෙයට සහභාගි වීම සඳහා සහායක ගුරුවරයෙකුගේ අනුමතිය අවශ්‍ය වේ.


විශේෂ 10-දින පාඨමාලාව - පැරණි සිසුන් සඳහා

මෙම භාවනා ක්‍රමයට කැප වූ, භාවනාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන පැරණි යෝගියකු විය යුතුයි. ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවම වශයෙන් 10-දින පාඨමාලා පහකටවත් සහභාගි වී තිබිය යුතුයි. අවම වශයෙන් එක් සතිපට්ඨාන පාඨමාලාවකටවත් සහභාගි වී තිබිය යුතුයි. අවම වශයෙන් එක් 10-දින පාඨමාලාවකවත් ධම්ම සේවාව කර තිබිය යුතුයි. අවම වශයෙන් අවුරුදු දෙකක කාලයක් පුරා දෙෙනික පැය දෙකක භාවනාව පවත්වා ගෙන යමින් සිටීම. අවම වශයෙන් වසරක කාලයකටවත් ප්‍රාණඝාතයෙන්, කාමමිත්‍යාචාරයෙන්, මත්පැන්/මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී අනිකුත් සිල් පද ද හැකි උපරිමයෙන් රැක ගැනීමට උත්සාහ කිරීම. සහකරු/සහකාරිය දීර්ඝ කාලීන පාඨමාලාවකට සහභාගි වීම සම්බන්ධයෙන් කලත්‍ර විසින් එකඟතාවය පළ කළ යුතුයි.


14-Day Gratitude Course

The 14-Day Gratitude Course was previously called the Teacher's Self Course. One of the qualities we develop as we meditate is gratitude - gratitude towards one’s teachers, Goenkaji and Mataji, and towards the long tradition of Vipassana teachers, right back to the Buddha.

The course is open to old students who are active in giving service. Requirements include 3 x 10day courses plus one Satipaṭṭhāna course, being active in Dhamma service, trying to maintain two-hour daily practice since last 10-Day course, and trying to maintain the five precepts to the best of one's ability. Local teacher’s recommendation is required. The course follows the usual format of 3x group sittings with instructions in the day, but students work more independently and the teaching materials are drawn from the 20-day course. This is a half-way step to help students mature for long courses, and serves to inspire students to work more deeply in Dhamma.


20- දින පාඨමාලාව

මේ භාවනා ක්‍රමයට කැප වී සිටින උනන්දුවක් ඇති පැරණි ශිෂ්‍යයකු විය යුතුයි. ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවමවශයෙන් 10-දින පාඨමාලා පහකටවත් සහභාගි වී සිටිය යුතුයි. අවම වශයෙන් එක් සතිපට්ඨාන සුත්ත පාටමාලාවකටවත් සහභාගි වී සිටිය යුතුයි. අවම වශයෙන් එක් 10-දින පාඨමාලාවකවත් සේවය කර තිබිය යුතුයි. අවම වශයෙන් වසර දෙකකටවත් පැය දෙක බැගින් දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යෑම. ප්‍රාණ ඝාතයෙන් , කාම මිත්‍යාචාරයෙන්, සහ මත් පැන්, මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම සහ තමන්ට හැකි පමණින් අනිකුත් ශික්ෂාපද ද අවම වශයෙන් වසරකටවත් පවත්වා ගෙන යාම. අවසන් දීර්ඝ පාඨමාලාවෙ න් පසුව හය මසක පරතරයක් තිබිය යුතුයි. දීර්ඝ පාඨමාලාවට සහභාගි වීම සඳහා තම සහකරු හෝ සහකාරියගේ සහාය ලැබිය යුතුයි.


30-දින පාඨමාලාව

මේ භාවනා ක්‍රමයට කැප වී සිටින උනන්දුවක් ඇති පැරණි ශිෂ්‍යයකු විය යුතුයි. ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවමවශයෙන් 10-දින පාඨමාලා හයකටවත් සහභාගි වී සිටිය යුතුයි. අවම වශයෙන් එක් සතිපට්ඨාන සුත්ත පාඨමාලාවකටවත් සහභාගි වී සිටිය යුතුයි. අවම වශයෙන් එක් 20-දින පාඨමාලාවකටවත් සහභාගි වී තිබීම. අවම වශයෙන් එක් 10-දින පාඨමාලාවකවත් සේවය කර තිබිය යුතුයි. අවම වශයෙන් වසර දෙකකටවත් පැය දෙක බැගින් දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යෑම. ප්‍රාණ ඝාතයෙන් , කාම මිත්‍යාචාරයෙන්, සහ මත් පැන්, මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම සහ තමන්ට හැකි පමණින් අනිකුත් ශික්ෂාපද ද අවම වශයෙන් වසරකටවත් පවත්වා ගෙන යාම. අවසන් දීර්ඝ පාඨමාලාවෙ න් පසුව හය මසක පරතරයක් තිබිය යුතුයි. දීර්ඝ පාඨමාලාවට සහභාගි වීම සඳහා තම සහකරු හෝ සහකාරියගේ සහාය ලැබිය යුතුයි. පළමුවන 30-දින පාඨමාලාව සඳහා පළමුවන 20-දින පාඨමාලාවෙන් පසුව සාමාන්‍ය 10-දින පාඨමාලාවකට සහභාගි වී තිබීම.


45-දින පාඨමාලාව

මේ භාවනා ක්‍රමයට කැප වී සිටින උනන්දුවක් ඇති පැරණි ශිෂ්‍යයකු විය යුතුයි. සහායක ගුරුවරුන් සහ ධම්ම සේ වය සඳහා කැප වී සිටින අයට පමණි. ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවමවශයෙන් 10-දින පාඨමාලා හයකටවත් සහභාගි වී සිටිය යුතුයි. අවම වශයෙන් වසර තුනකටවත් මේ භාවනා ක්‍රමය පමණක් අනුගමනය කර තිබීම. අවම වශයෙන් 30-දින පාඨමාලා දෙකකටවත් සහභාගි වී තිබීම. අවම වශයෙන් වසර දෙකකටවත් පැය දෙක බැගින් දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යෑම. ප්‍රාණ ඝාතයෙන් , කාම මිත්‍යාචාරයෙන්, සහ මත් පැන්, මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම සහ තමන්ට හැකි පමණින් අනිකුත් ශික්ෂාපද ද අවම වශයෙන් වසරකටවත් ආරක්ෂා කිරීම. අවසන් දීර්ඝ පාඨමාලාවෙ න් පසුව හය මසක පරතරයක් තිබිය යුතුයි. දීර්ඝ පාඨමාලාවට සහභාගි වීම සඳහා තම සහකරු හෝ සහකාරියගේ සහාය ලැබිය යුතුයි. පළමුවන 45-දින පාඨමාලාව සඳහා පළමුවන 30-දින පාඨමාලාවෙන් පසුව සාමාන්‍ය 10-දින පාඨමාලාවකට සහභාගි වී තිබීම. 30 වන දිනය දක්වා සියලුම ස්ථිර කිරීම් තාවකාලික වේ .


60-දින පාඨමාලාව

45-දින පාඨමාලාවන් දෙකකට සහභාගි වී ඇති , එමෙන් ම නිරන්තර ධම්ම සේවයේ යෙදෙන ( පසු ගිය වසර තුළ පාඨමාලා හතරක් හෝ වෙනත් ආකාරයෙන්‍ ධම්ම සේවය කර ඇති ) සහායක ගුරුවරුන් සඳහා වෙන් කර ඇත. ප්‍රාදේශීය ගුරුතුමාගේ නිර්දේශය අත්‍යවශ්‍ය වේ. මීට පෙර 60-දින පාඨමාලාවකට සහභාගි වී‍ නොමැති, එමෙන්ම 60-දින පාඨමාලාවලට අඩුවෙන් සහභාගි වී ඇති පුද්ගලයින් වෙත වැඩි අවධානය ය‍ොමු කරනු ඇත. සහායක ගුරුවරුන් නොවන අය වෙනත් දීර්ඝ පාඨමාලාවලට සහභාගි විය යුතුයි.


ඉහත දැක්වූයේ අවශ්‍ය අවම සුදුසුකම්ය. නමුත් ඒවා ඇතුළත් කර ගැනීම සහතික කිරීමක් නොවේ. 10-දින විශේෂ පාඨමාලාව, 20-දින පාඨමාලාව, 30-දින පාඨමාලාව, 45-දින පාඨමාලාව, 60-දින පාඨමාලාව සහ ආචාර්ය ස්වයං පාඨමාලාව සඳහා ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් ඔබ හොඳින් දන්නා සහායක ගුරුවරයෙකුගේ නිර්දේෂය සහ පැරණි යෝගියා වසන ප්‍රදේශය භාර ප්‍රධාන ගුරුතුමාගේ නිර්දේෂය අඩංගු විය යුතු වේ.