ධම්ම සේවයේ වටිනාකම පිළිබඳ ගොඒන්කා තුමාගේ පණිවුඩයක්

ඔබ සේවය කරන අතර ධර්මය දිනපතා ජීවිතයට අනුයුක්ත කර ගන්නේ කෙසේ දැයි ඉගෙන ගන්නා බව අවබෝධ කර ගත්හ. කෙසේ වෙතත් ධර්මය යනු දිනපතා වගකීම් වලින් පැන යාමක් නොවේ. භාවනා පාඨමාලාවක් හෝ මධ්‍යස්ථානයක් වැනි කුඩා ලෝකයක සිසුන් සහ එහි උද්ගත වන තත්‍වයන් ද ධාර්මික ව හසුරුවා ගැනීමට ඉගෙනීම, ඔබට බාහිර ලෝකයේ දී ද එම ක්‍රමයට ම හැසිරීමට පුහුණුවක් ලබා දෙයි.අනෙකෙකුගේ අනවශ්‍ය හැසිරීම වෙනුවට ඔබ ඔබගේ මානසික සමතුලිතතාව පවත්වා ගනිමින් කරුණාව සහ මෛත්‍රිය පැතිර වීමට උත්සාහ ගනී. ඔබ මෙහි දී ඉගෙනීමට උත්සාහ කරන පාඩම මෙයයි. ඔබ ද පාඨමාලාවට සහභාගී වන සිසුන් මෙන් ම සිසුවෙකි.

නිහතමානී ව අනුනට සේවය කරන අතර තමා ද ඉගෙන ගන්න. මෙසේ සිතන්න. ‘‘මා මෙහි පුහුණු වන්නේ ආපසු කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. මා සේවය කරන්නේ අන් අය ධර්මයෙන් ප්‍රයෝජන ලබා විය යන බලාපොරොත්තුවෙනි. හොඳ ආදර්ශයක් ලබා දීමෙන් සහ එසේ කිරීමෙන් මට ද ධර්මයේ ප්‍රයෝජන ලැබේ’’

ධම්ම සේවාවේ යෙදෙන සියල්ලෝ ම ධර්මය වර්ධනය කර ගනිත්වා .ඔබ, අන් අය කෙරෙහි දක්වන දයාව කරුණාව සහ මෛත්‍රිය දියුණු කර ගනිත්වා. ඔබ සියලු දෙනා ම නියම සැනසිල්ල ශාන්තිය සතුට ලබා ගැනීමට ධර්මය වර්ධනය කර ගනිත්වා.

එස් එන්. ගොඑන්කා